ජනපතිගේ අලුත් අවුරුදු පණිවුඩය

ජනපතිගේ අලුත් අවුරුදු පණිවුඩය

වාර්ෂික සූර්ය සංක්‍රාන්තියත් සමග එළඹෙන අලුත් අවුරුද්ද යනු මිනිසා පරිසරය හා සොබාදහම වන්දනය කිරීමේ කිරීමේ උළෙලක් බවත් බක් යනුවෙන් මේ මාසය හදුන්වනුයේ එය භාග්‍ය සම්පන්න කාලයක් වන නිසා බවත් අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

ගස්වැල්වල නව මල්ඵල හටගැණෙන සොබාදහමේ සියලු ප්‍රකාශනයන්හි උද්දාම බවක් දක්නට ලැබෙන මෙම කාලසීමාව සතුටු උදාවක් බැවින් එය අලුත් අවුරුද්ද ලෙස හදුන්වන බව ජනාධිපතිවරයා පවසයි.

අලුත් අවුරුද්ද නමැති අනර්ඝ සංස්කෘතික උත්සවය වෙළෙදපල යාන්ත්‍රණයේ පරිභෝජනවාදී මතවාදයට ගැතිව ඇති කලක එහි ගැඹුරු හරය තේරූම් ගැනීම පිණිස මෙවර අපගේ අවධානය යොමුවිය යුතු බවද ජනාධිපතිවරයා නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Facebook
Twitter
LinkedIn