තත්පරයකට කිලෝමීටරයකට අධික වේගයක් ලබාගත හැකි යානා නිපදවීමට බ්‍රිතාන්‍ය සැරසේ

තත්පරයකට කිලෝමීටරයකට අධික වේගයක් ලබාගත හැකි යානා නිපදවීමට බ්‍රිතාන්‍ය සැරසේ

ශබ්දයේ වේගය මෙන් තෙගුණයක වේගයෙන් ගමන් කළහැකි යානා සඳහා, බලවේග එන්ජිමක් නිපදවීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පර්යේෂණ ආරම්භ කර තිබේ.

විද්‍යාඥයන් පවසන්නේ මෙය තාක්ෂණයේ ඉදිරි පිම්මක් වනු ඇති බවය.

මේ හරහා යානාවලට තත්පරයට කිලෝමීටරයකට අධික වේගයෙන් ගමන්කළ හැකිවනු ඇතැයි විද්‍යාඥයන් පවසයි.

සේබර් නමින් හැදින්වෙන මෙම බලවේග එන්ජිම රොකට් සහ ජෙට් යානා සඳහා යොදාගනු ලබන එන්ජින් දෙකක එකතුවක බලය හා සමාන වනු ඇති බව විද්‍යාඥයන් පවසයි.

ඒ අනුව මෙම අධිවේග එන්ජිම සාර්ථක වුවහොත් යානාවලට පෘථිවිය වටා සුළු කාලයකදී ගමන්කළ හැකිවෙනු ඇතැයි පර්යේෂකයෝ පවසති.

Facebook
Twitter
LinkedIn