වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප් වැඩිවීම ඇතුළු ඔවුන් එදිනෙදා ජීවත්වීමේදී මුහුණ දෙන ප්‍රධාන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඒවාට විසඳුම් ලබාගැනීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීම සඳහා ඊයේ (07) සහ පෙරේදා (06) දෙදින තුළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා බණ්ඩාරවෙළ ලියන්ගහවෙල, හාලිඇල රොක්තැන්න වත්ත, හපුතලේ කැල්බන් වත්ත, දඹේතැන්න, ඉදල්ගස්හින්න බෝවවත්ත, දියතලාව ආර්කේඩියාවත්ත ඇතුළු ප්‍රදේශවල වතු කම්කරු ජනතාව මුණගැසී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා වතුකරයේ ජනතා ප්‍රශ්න විමසීමට පැමිණීම පිළිබඳව වතු කම්කරු ජනතාව තුළ මහත් ප්‍රසාදයක් දක්නට ලැබුණු අතර අනුර දිසානායක මහතාව ඔවුන් ඉතාමත් උණුසුම් අයුරින් පිළිගනු දක්නට ලැබිණි.
එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායක, ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා, සමස්ත ලංකා වතුකම්කරු සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ් මහතා, හාලිඇල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත වර්ෂමාන මහතා ඇතුළු පිරිසක්ද එක්වී සිටියහ.
දියතලාව ආර්කේඩියාවත්ත
ඉදල්ගස්හින්න බෝවවත්ත
හපුතලේ කැල්බන් වත්ත
දඹේතැන්න ජනහමුව











































