වව්නියාවේ කුල ගැටුමකින් දෙදෙනෙක් රෝහලේ – යතුරු පැදි දෙකක් විනාශයි

වව්නියාවේ කුල ගැටුමකින් දෙදෙනෙක් රෝහලේ – යතුරු පැදි දෙකක් විනාශයි

වව්නියාව, ඕමන්තෙ, සින්නපුදුකුලම ප්‍රදේශයේ ඊයේ(06) දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනෙකු තුවාල ලබාඇතැයි වාර්තා වේ.

දෙපිරිස අතර හටගත් කුලය සම්බන්ධ ගැටළුවක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති අතර ගැටුම අතරතුරදී යතුරු පැදි දෙකකට පහරදී එක් යතුරු පැදියක් ගිනිතබා විනාශකොට තිබේ.

ගැටුම සම්බන්ධව එක් පුද්ගලයෙකු වව්නියාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාලකරුවන් වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබයි.

අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සෙසු සැකකරුවන් හඳුනාගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.

Facebook
Twitter
LinkedIn