විගණකාධිපති එච්. එම් ගාමිණී විජේසිංහ මහතා සහ අගවිනිසුරු නලින් පෙරේරා මහතාගේ විශ්‍රාම යාමෙන් පුරප්පාඩුවන එම ධුරයන්ට නව පත්කිරීම් සඳහා පුද්ගලයන් සලකා බැලීම පිළිබඳව ව්‍යවස්ථා සභාවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව 05වනදා රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව මේ මාසය අවසන්විමට ප්‍රථමව ව්‍යවස්ථා සභාව යළි රැස්වි අගවිනිසුරු ධුරය හා විගණකාධිපති ධුරය සඳහා වන නාමයන් නිර්දෙශ කිරීමට නියමිතය.
ඊට අදාළ ජනාධිපතිවරයාගේ යෝජනාවන් ලැබීමෙන් පසු ඊට අදාල නිර්දේශ ව්‍යවස්ථා සභාව විසින් ලබා දෙනු ඇත.
අගවිනිසුරු නලින් පෙරේරා මහතා ලබන 28 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇති අතර විගණකාධිපති එච්.එම් ගාමිණී විජේසිංහ මහතාගේ මේ වනවිටත් තම විශ්‍රාම ගැනීම පිළිබඳ ලිපිය යොමු කර ඇති බවද වාර්තා වේ.
Views: 0










