මහින්දගේ සහ රනිල්ගේ නියෝජිතයා ලෙස සම්බන්ධන් පත් කරයි

ව්‍යවස්ථා සභාවේ අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස මීට පෙර පත් කර සිටි චමල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ එම පුරප්පාඩුව සඳහා මෙවර පත් කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාය.

චමල් රාජපක්ෂ මහතාට ව්‍යවස්ථා සභාවේ එම සාමාජිකත්වය ලබා දෙන විට අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් විපක්ෂ නායකවරයා ලෙස ආර්. සම්බන්ධන් මහතාත් කටයුතු කළ අතර ඔවුන් දෙදෙනාගේ එකඟත්වය මත එම පත් කිරීම සිදු කර තිබිණි.

චමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙවර ආර්. සම්බන්ධන් මහතා පත් කරන විට අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාත් කටයුතු කරන අතර ඔවුන් දෙදෙනාගේ එකඟත්වය මත එම පත් කිරීම සිදු කර තිබිණි.

ඒ අනුව ඉදිරියේදී ව්‍යවස්ථා සභාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝජිතයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ව්‍යවස්ථා සභාව නියෝජනය කරනු ඇත.

Facebook
Twitter
LinkedIn