බොදු බල සේනා සංවිධානය නොර්වේ රාජ්‍යයේ උපදෙස්, මුල්‍ය ප්‍රතිපාදන ඇතුළු අනෙකුත් සහයෝගය මත අටවන ලද ව්‍යාජ සංවිධානයක් ය යන මතය සමාජගත වී එම සංවිධානය දෙකඩවීම දක්වා අර්බුදය වර්ධනය වීමත් සමග වහා කි‍්‍රයාත්මක වූ නොර්වේ රාජ්‍යයය පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් තම රජය බොදු බල සේනා නමැති සංවිධානයට මුල්‍ය ආධාර ප්රදානය නොකල බව පවසයි.
ශී‍්‍ර ලංකාවේ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය හරහා ඔවුන් නිකුත් කර ඇති නිවේදනයට අනුව 2011 වසරේදි බොදු බල සේනා සංවිධානයේ නායකයන් ලෙස කි‍්‍රයාකරන හිමිවරුන් සහ ගිහියන් දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් හමුවීම සහ අනෙකුත් කටයුතු සදහා නොර්වේ රාජ්‍යය කරා පැමිණියේ බොදුබල සේනා සංවිධානයේ නමින් නොව නෝරිජීවියානු සාමය ගොඩනැංවීමේ කේන්ද්‍රය නම් රාජ්‍ය නොවන සංවිධානයේ ආවරණය යටතේය.
පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ඉල්ලීම පරිදි 2011ඔක්තෝබර් 20-26 දිනවලදී දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් සමග සාකඡ්ඡවක් ඔස්ලෝ නුවරදී පැවැත්වූ බවත් ඩිලන්ත විතානගේ ඇතුළු ගිහි-පැවිදි නියෝජිතයන් 8 දෙනෙක් එම සාකඡ්ඡවට ඥාණසාර හිමියන්ගේ පාර්ශවය වෙනුවෙන් සහභාගි වූ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
මේ අතර ඒෂියන් ටි්රබියුන් වෙබ් අඩවියත් සමග පැවති සාකඡ්ඡවකදී දැඩි ආන්දොලනාත්මක ප්‍රකාශ කිහිපයක් කල බොදු බල සේනා මුලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ පැවසුයේ ඔවුන්ගේ මෙම දින 7 ක නොර්වේ සංචාරයේදි තම කන්ඩායම නොර්වේ හි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයට හෝ එහි පිහිටුවා ඇති කිසිදු විහාරස්ථානයකට නොගිය බවත් එම කාලය පුරාවටම යම් අන්තවාදි කන්ඩායම් කිහිපයක් අතර සාකඡ්ඡ වට කිහිපයක් පැවැත්වූ බවත්ය.









