පෙරේදා (29) පෙරවරුවේ පැවති කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා ASP ප්‍රියන්ත පීරිස් මහතාටත් SSP ප්‍රියලාල් මහතාටත් ඉතාම අශීලාචාර සහ ‘ඕකා, අරකා, මේකා‘ අදී ලෙස පවසමින් එවැනි සභාවක කතා කිරීමට නුසුදුසු ඉතා පහත් වචන භාවිතා කරමින් බැනවැදී ඇත.
මෙය සිදුව ඇත්තේ එම අවස්ථාවට සහභාගීවී සිටි වරකාපොල ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා, ජලය බෝතල් කිරීමේ කර්මාන්තයක් කරමින් සිටි පුද්ගලික නිවසක ගොස් එය කඩා වනිශ කිරිම සම්බන්ධයෙන් අතාවුද ඇමතිවරයා පවා අත්අඩංගුවට ගත් සිදුවීම සම්බන්ධයෙන් කතා කිරීමත් සමගය.
එම අවස්ථාවේ ඉතාම කේන්තියෙන් නැගී සිට ඇති අතාවුද සෙනෙවි රත්න මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය කයුතු කළ ASP ප්‍රියන්ත ප්‍රීරිස් මහතාගේ නම කියමින්ම පවසා ඇත්තේ ” අම්මගේ මගුලක් ඕක. උඹ තමයි මට කෙළියේ. මාව උසාවිත් ගෙනිච්චා. මට කෙලියා. පගා කාරයෝ” යනුවෙන් සහ මෙහි ලිවිය නොහැකි වචනද එහිදී ඔහු භාවිතා කරමිණි. SSP ප්‍රියලාල් මහතාට බැනවදිමින් පවසා ඇත්තේ “ප්‍රියලාල් කියලා නම තිබුනට උබේ කිසිම ප්රියකරමක් නැහැ. උඹ තමයි දහදුරා වැඩ සේරම කරන්නේ.” යැයි කියමිණි.
පරිසර අධිකාරියේ නිලධාරීන් අමතා ඇමතිවරයා සෘජුවම පවසා ඇත්තේ ඔවුන් පගාගනිමින් වැඩ කරනබවය.
ඒ අවස්ථාවේ ASP ප්‍රියන්ත පීරිස් මහතාට තමන්ගේ නම පවා කියමින් බැනවැදීම සම්බන්ධයෙන් සහ අදාල සිද්ධිය සම්බන්ධයෙන් කරුනු දැක්වීමට නැගීසිටියත් ඔහුට කතා කිරීමට හෝ ඉඩ ලබාදී නැත. එම අවස්ථාවට සහභාගීවු සියළුම ඇමතිවරු පවසා ඇත්තේ “ඔයා කතාකරන්න ඕන්නෑ. ඔයා එපා, ඔයා ඉඳගන්න. වාඩිවෙන්න, වාඩිවෙන්න” යනුවෙණි.
අතාවුද සෙනෙවිරත්න මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ට අදහස් දැක්වීමට ඉඩ නොදීම නිසා පරිසර අධිකාරියේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් මහත් අපහසුතාවයකට පත්ව සිටී.
එම අවස්ථාවට සබරගුමව මහ ඇමති මහීපාල හේරත්, අමාත්‍ය රංජිත් සියඹලා පිටිය, අමාත්‍ය ලලිත් දිසානායක යන මහත්වරුන් මෙන්ම ප්රදේශීවසභා සභාපතිවරු, පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා (Senior DIG) වරයා ඇතුළු උසස් පොලීස් නිලධාරීන්, රජ්‍ය ආයතන නියෝජිතයන් සහභාගීවී සිට ඇත.
වරකාපොල ජලය බෝතල් කිරීමේ ස්ථානයට පහරදීම සම්බන්ධ පැමිණිල්ලේදී චූදිතයන් වූ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා ඇතුළු මැර පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ මෙම ASP ප්‍රියන්ත පීරිස් මහතාය.









