ජවිපෙ අනුරපුරදීත් විදුලි බිලට එරෙහි සටනේ

අසාධාරණ ලෙස ඉහළ දැමූ විදුලි ගාස්තු පහළ දමන ලෙස ආණ්ඩුවට බලකරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (23) අනුරාධපුර නගරයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළේය. ‍අද පස්වරුවේ පන්දම් දල්වාගත් උද්ඝෝෂකයින් අනුරාධපු නගරයේ පෙළපාලි යමින් නව බස්නැවතුම් පොළ ඉදිරිපිටදී විරෝධතාවයේ නිරතවිය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු අනුරාධපුර ජවිපෙ ක්‍රියාකාරිකයින් සහ ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ.

{besps}apura{/besps}

Facebook
Twitter
LinkedIn