පවුල් ආරව්ලක් සම්බන්ධයෙන් පැවති නඩුවකට අදාළව අධිකරණ නියෝගයක් පැහැර හැරියැයි වරෙන්තු පිට සිටි නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා රාජගිරියේදී අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි.
හෙතෙම මේ වනවිට වැලිකඩ පොලීසියේ රඳවා ඇතැයි වාර්තා වේ.
මනමේන්‍ද්‍ර මහතාට එරෙහිව ඔහුගේ බිරිඳ විසින් කොළඹ අළුත්කඬේ අධිකරණයේ ගොනුකරන ලද නඩුවක් සඳහා පෙනී නොසිටි බැවින් ඔහුට මෙම වරෙන්තුව නිකුත් කර ඇත.
ඊට අදාළ නඩුව හෙට (24) අළුත්කඩේ අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.
Views: 0









