වැඩිවන තෙල්, විදුලිය හා ප්‍රවාහන ගාස්තු හමුවේ පෞද්ගලික අංශයේ සේවකයින් ලබන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් වේගයෙන් ඉහළ යන ජීවන වියදමට සාපේක්ෂව වැඩකරන ජනතාවට සාධාරණ වැටුපක් ලබාදීමට ආණ්ඩුව මැදිහත් නොවන බවත් අන්තර් සමාගම් සේවක සංගමය (ICEU) පවසයි.
මේ තත්වයට එරෙහිව වැඩබිම් සටන් අරඹමින් වැඩකරන ජනතාව සම්බන්ධ කරගත් සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමට එම සංගමය තීරණය කොට ඇති අතර ඒ අනුව එහි ප්‍රථම සම්මන්ත්‍රණය අද (23) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙම සම්මන්ත්‍රණයේ දේශන සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සහ නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම් කරු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දේවක පුංචිහේවා මහතා සහභාගී වන බවද එම සංගමය පවසයි.
Views: 0









