දිසාවිනිසුරුවරුන්ගේ සහ මහේස්ත්රාත්වරුන්ගේ ස්ථාන මාරුවීම් පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා, පසුගියදා රැස් වු ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව විසින් එහි සභාපතිවරයා සහ ලේකම්වරයා ඇතුළු නීතීඥවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත අනුකමිටුවක් පත් කර තිබේ.
දිසාවිනිසුරුවරුන්ගේ සහ මහේස්ත්රාත්වරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම සාමාන්‍යයෙන් වසර තුනකට වරක් සිදුවුවද පසුගිය කාලය තුළ හදිසි මාරුවීම් රැසක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කරයි.
අදාළ මාරුවීම් පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලයේ නීති සංගමයෙන්ද මේ වන විට කරුණු විමසීමක් කර තිබේ.
සිදුව ඇති බව කියන එවැනි ස්ථාන මාරුවීම්වලට අදාළ කරුණු එක්රැස් කිරීම මේ දිනවල සිදුවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
Views: 0









