සැකකරු පොලීසිය තුළ එල්ලී මියයයි

ජා-ඇල පොලීසියේ සිර මැදිරිය තුළදී ඊයේ (21) පස්වරුවේ සැකකරුවෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ. 23 හැවිරිදි ඔහු ජා-ඇල, තුඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව මොහු ජා-ඇල පොලිස් සිර මැදිරිය තුළ රඳවා සිට ඇති බව සඳහන්ය.

පසුව අදාළ සැකකරු බඳපටිය උපයෝගී කර ගනිමින් පොලිස් සිර මැදිරිය තුළ ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn