ජූලි 01 සිටි බස්ගාස්තු ඉහළට

ඉන්ධන මිල සහ ගෑස්‌ මිල ඉදිරියේදීද වැඩිවීමේ අවදානමක්‌ තිබෙන නිසා එයද සලකා බලමින් පෞද්ගලික බස්‌ ගාස්‌තු ජූලි 01දා සිට අනිවාර්යයෙන්ම 15% කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා පවසයි.

අප්‍රේල් මස ගාස්‌තු ඉහළ දැමීමට රජය ඉඩ ලබාදුනේන නම් වැඩිවන්නේ 15%කට වඩා අඩු ප්‍රතිශතයක්‌ බව පැවසූ විඡේරත්න මහතා පසුගිය දිනවල ඉහළ ගිය විදුලි ගාස්‌තුව ඉහළ යාමට අදාල ගැලපුමද සහිතව මෙම වැඩිවීම සිදුවන බවත් පවසා සිටී.

මෙම ජූලි මස බස්‌ ගාස්‌තු ඉහළ නැංවූ පසුව යළිත් බස්ගාස්තු ඉහළ දැමීමක් සිදුවන්නේ 2014 වසරේ අප්‍රේල් 01දා බවත් හෙතෙම පවසයි.

Facebook
Twitter
LinkedIn