තොන්ඩමන්ගේ ගිවිසුමට එරෙහිව කම්කරුවෝ පාරට බසිති

ලංකා කම්කරු කොංග්‍රසය සහ තවත් කම්කරු සංවිධානයක් වතු හිමියන් සමග එළඹ ඇති ගිවිසුමට විරෝධය පළ කිරීමේ අරමුණින් වතු කම්කරුවන් පිරිසක් අද (21) පෙරවරුවේ විරෝධතා ව්‍යාපාරයක නිරත වීමට තීරණය කර තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසය වතු හිමියන් සමග එක්ව ඇතිකරගත් ගිවිසුමට අනුව වතු කම්කරුවෙකුගේ මූලික වැටුප රුපියල් 450ක් පමණක් වන බැවින් එය රුපියල් 520ක් දක්වා ඉහළ නංවන ලෙස බලකිරීම මෙහි තවත් අරමුණක් බවද පැවසේ.

Facebook
Twitter
LinkedIn