මහජන උපයෝගීතා කොමිසම බොරුවක් – අජිත් පෙරේරා

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ ක්‍රියාවලියේ දී මහජන උපයෝගීතා කොමිසම විසින් කරනු ලැබුවේ බොරුවක් බවත්, එහි සිටින්නේ දේශපාලන පත්වීම් ලැබූ පිරිසක් බවත් අද පැවති මාධ්‍ය හමුවකදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා පැවසීය.

ආණ්ඩුව ජනතාවට අවුරුදු ත්‍යාගයක් දුන් බවත් එකී ත්‍යාගය නම් විදුලි බිල අසීමිත ලෙස වැඩි කිරීම බවත්, එය සිදුකරනු ලැබුවේ වෙනත් තැන්වල ඇති දූෂණයෙන් සිදුවන පාඩුව පියවා ගැනීමට බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එවැනි කොමිසමකින් සාධාරණ විසඳුමක් අපේක්ෂා කළ නොහැකි බවත්, එම කොමිසම විසින් ලබාදුන් තීන්දුව මගින් මහජන අදහස් පිළිබඳව කිසිදු අවධානයක් යොමුනොකළ බවට තහවුරු වන බවත්, ඔවුන් වගකීම් විරහිතව ක්‍රියා කළ බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.


Facebook
Twitter
LinkedIn