ඊයේ (17) දින සිදුකරනු ලැබූ විදුලි බිල වැඩිවීමෙන් එක් ඒකකයකට රුපියල් 1155 ක මුදලක් ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුවනු ඇත.
මෙවර විදුලි ගාස්තු වැඩිකිරීමේ සූත්‍රයට අනුව ඒකක 90 ක් පරිභෝජනය කරන පාරිභෝගිකයෙකු ගෙවිය යුතු විදුලි බිල 1197 ක් වන අතර විදුලි ඒකක 91 ක් පරිභෝජනය කරන්නෙකු ගෙවිය යුතු විදුලි බිල 2352 ක් වේ. එවිට එක් ඒකකයක් වැඩි වූ පමණින් රුපියල් 1155 ක ගාස්තු වැඩිවීමක් සිදු වෙයි.
90 x 8.50 + ස්ථාවර ගාස්තු 90 + ඉන්ධන ගැලපුම් ගාස්තු 40%
91 x 15 + ස්ථාවර ගාස්තු 315 + ඉන්ධන ගැලපුම් ගාස්තු 40%
අද(18) ජවිපෙ විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී මෙම කරුණු හෙලිදරව් විය.
Views: 0









