අධිවේගී මාර්ගය ප්‍රමිතියෙන් තොර බව පසුගියදා සිදුවූ ව්‍යාපාරිකයාගේ මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
පසුගිය දා අක්මීමන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් හා ඔහුගේ පවුලේ අය අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටියෙදී ජිප් රථය අනතුරට පත්වීමෙන් මියගිය ව්‍යාපාරිකයාගේ මරණ පරීක්ෂණයේදී හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත්තේ අධික වේගය සහ මාර්ගය ප්‍රමිතියෙන් තොර වීම මෙම අනතුරට හේතුව බවය.
මාර්ගය පාලනය හා නඩත්තු කරන බලධාරීන්ගේ දැඩි සැලකිල්ල හා අවධානය මේ වෙත යොමු විය යුතු බවද ඔහු අවධාරනය කර තිබේ.
කහතුඩුව හා ගැලනිගම පිවිසුම් මාර්ග ආශ්‍රිතව සිදු වූ හය වන මාරාන්තික අනතුර මෙය වන අතර එම ප්‍රදේශයේ මාර්ගය දැඩි ලෙස ලිස්සන සුළු ස්වභායක් ගන්නා බව ප්‍රකාශ වේ.
Views: 0









