![]()
ඉදිරියේදී පැවැත්වෙන සියලුම පළාත් සභා මැතිවරණ සඳහා අලියා ලකුණ යටතේ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තවත් දේශපාලන පක්ෂ හයක් තරග කිරීමට යන බව වාර්තා වේ.
ඒ අනුව හේමකුමාර නානායක්කාර, සරත් මනමේන්ද්‍ර, අරුණ ද සොයිසා, සිරිමසිරි හපුආරච්චි, මනෝ ගනේෂන් යන මහත්වරුන් නායකත්වය දරන ඉහත පක්ෂ අලියා ලකුණ යටතේ තරග වැදුණත් සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්ෂය), වික්‍රමබාහු කරුණාරත්න (නව සම සමාජ පක්ෂය) යන මහත්වරු සහ දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා එකඟත්වය පළකර නැත.
එජාපය ප්රමුඛව දැනටමත් පිහිටුවාගෙන ඇති “විපක්ෂයේ විරෝධය” නියෝජනය කරනු ලබන මව්බිම ජනතා පෙරමුණ, නව සිහළ උරුමය, රුහුණු ජනතා පක්ෂය, එක්සත් ජනතා පෙරමුණ, ප්රජාතන්ත්රවාදී ජනතා පක්ෂය සහ අසාද් සාලි මහතාගේ දේශපාලන පක්ෂය ද ඊට ඇතුළත් වෙන බව වාර්තා වේ.
Views: 0









