ලොව ප‍්‍රකට ප්ලේ බෝයි වැඩිහිටි සමාජ ශාලාවක් ඉන්දියාවේ ගෝව ප‍්‍රදේශයේ ආරම්භ කිරීමට කර තිබූ සැලසුම ප‍්‍රතික්ෂේප කිරීමට ගෝව ප‍්‍රාන්ත ආන්ඩුව තීරණය කර ඇත.
වසර 10 ක් තුල සමස්ත ඉන්දියාව පුරා ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ ප්ලේ බෝයි සමාජශාල 120න් පලමුවැන්න බටහිර ගෝව ප‍්‍රදේශයේ කැන්ඩොලිම් වෙරළතීරයේ ආරම්භ කිරීමට තීරණය කර තිබූ අතර මෙම සමාජශාලා මගින් අශ්ශීලත්වය වර්ධනය කරන බැවින් ඒ සදහා ඉඩදිය නොහැකි බව ගෝව ප‍්‍රාන්ත ආන්ඩුවේ මහඇමති මනෝහර් පරික්කාර් පවසයි.
ප්ලේ බෝයි ඇතුළු වැඩිහිටි සගරා රැසක් අසභ්‍ය ප‍්‍රකාශන නීතිය යටතේ ඉන්දියාව තුල තහනම් කර ඇති අතර ප‍්‍රකට බොලිවුඞ් නිළි ෂර්ලින් චොප්රා ප්ලේ බෝයි කවරයකට නිරුවතින් පෙනී සිටි පලමු ඉන්දියානු කාන්තාව බවට පසුගිය වසරේදි පත්වූවාය.
Views: 0









