2012දී මෝටර් රථ ආනයනය 50%කින් පහළට

පසුගිය 2012 වසරේ මෝටර් රථ ආනයනය 50%කින් පමණ අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු 2012 වාර්ෂික වාර්තාවෙන් තහවුරු වේ.

2011 වසරේ පෙන්වූ ශීඝ්‍ර වර්ධනයට සාපේක්‍ෂව 2012 වසරේදී වාහන ආනයන වියදම එක්‌සත් ජනපද ඩොලර් මිලියන 495ක්‌ හෙවත් 43.8%ක්‌ දක්‌වා ශීඝ්‍ර අඩුවීමක්‌ වී ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

මෝටර් රථ ආනයනය සඳහා ඉහළ තීරුබදු පැනවීම හා විශේෂයෙන් රුපියලේ අගය අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෝටර් රථ ආනයනය වියදම් ශීඝ්‍ර ලෙස පසුගිය වසරේ පහත වැටීමට හේතු වූ බව එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

2012 වසරේ දී සමස්‌ත ආනයන වියදම 5.4%ක්‌ දක්‌වා පහත වැටී ඇති බවද එහි සඳහන් වෙයි.

Facebook
Twitter
LinkedIn