මුරකරු මරුට ස්ථානාධිපති රෝහලට

හොරණ-මොරගහහේනේ ගොවිපලක වැටලීමක් සිදුකිරීමට ඊයේ (11) රාත්‍රියේ ගිය මොරගහහේන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසත් ගොවිපලේ මුරකරුත් අතර ඇතිවූ වෙඩි හුවමාරුවෙන් පොලිස් ස්ථානාධිපතිවරයාටත් ගොවිපලේ මුරකරුටත් වෙඩිවැදී ඇත.

එම වෙඩිවැදීමෙන් බරපතල තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා හොරණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් කොළඹ ජාතික රෝහලට එවනු ලැබ තිබේ.

ගොවිපලේ මුරකරු විසින් එහි කළමනාකරුට වෙඩි තබන්නට යන බවට ලැබුණු තොරතුරක් අනුව පොලීසිය එහි ගොස් ඇති අතර එම මුරකරුද පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පතව ඇත.

Facebook
Twitter
LinkedIn