බදු එකතු කිරීම සරල කළත් එකතුවෙන්නේ නැහැ – මහ බැංකුව

බදු ප්‍රතිසංස්‌කරණය මගින් බදු ව්‍යුහය සරල කළද බදු ආදායම් එකතු කිරීම තවදුරටත් දුර්වල මට්‌ටමක පවතින බවත් එම නිසා ගිය වසරේ රාජ්‍ය ආදායම 14.3% සිට 13% දක්‌වා අඩු වී ඇති බවත් පසුගිය 09වනදා නිකුත් වූ 2012 වසරේ නවතම මහ බැංකු වාර්තාවේ සඳහන්ය.

මේ නිසා බදු පදනම පුළුල් කිරී‍ම සඳහා බදු ගෙවන ආයතන සහ පුද්ගලනයන් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් බදු ගෙවීම් දිරිමත් කිරීමට අවශ්‍ය පියවරගැනීම සිදුකළයතු බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.

2012 වසරේ ආර්ථික කටයුතු මන්දගාමී වීම සහ ආනයන පහත වැටීම රාජ්‍ය ආදායම් ලැබීමට අහිතකර ලෙස බලපාන ලදී. එහෙත් පුනරාවර්තන වියදම් දැඩි ලෙස පාලනය කිරීමත්, ප්‍රාග්ධන වියදම් අඩු කිරීමත් කළද එමගින් පවා පවත්වාගැනීමට හැකිවූයේ සමස්‌ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස 6.14%ක මට්‌ටක බව එම වාර්තාවේ තවදුරටත් සඳහන්ය.

Facebook
Twitter
LinkedIn