මාතලෙන් සූමුහ මිනීවළෙන් මතු වූ මිනිස් ශරීර කොටස් සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමෙන් සිදුකරනු ලබන පරීක්ෂන කටයුතු සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බව පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසූ ජනතා විමුක්ති පෙරමුණ අද (10) පෙරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ පවසා සිටියේ රජය මෙහි පරීක්ෂන කටයතු යටගසමින් සිටින බවයි. වැරදි කරුවන්ට දඬුවම් පමුණුවනවා වෙනුවට ඔවුන් ආරක්ෂා කිරීමේ පියවරකට යමින් සිටින බවත් පැවසීය.
එම නිසා මෙම සමූහ මිනීවළෙන් හමුවූ ශරීර කොටස් අයිති යැයි පැවයෙන කාළ වකවානුවේ අතුරුදහන්වූ වන් සම්බන්ධයෙන් තොරතුරු එක් රැස්කිරීම සහ ඉදිරි නීති කටයුතු කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වූ කමිටවක් එම පක්ෂය විසින් පත්කර ඇතැයිද අද පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කර සිටියේය.
ඒ අනුව එම කමිටුවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා, එම වකවානුවේදී මාතලේ ප්‍රදේශයේදීම තම සහෝදරයන් තිදෙනෙකු අතුරුදහන් වී ඇති කේ. එම්. විජේරත්න මහතා, ජවිපෙ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. ජී. සුනිල් රණවීර මහතා, ජවිපෙ හිටපු පළාත්සභා මනිත්‍රී ගමගෙදර දිසානායක මහතා සහ නීතීඥ එච්. එම්. සරත් විජේරත්න මහතා යන අය අතුළත්ව සිටී.










