මේ වනවිට මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති මාතලේ සමූහ මිනීවළේ හමුවූ ඇට කැබිලි සම්බන්ධයෙන් 87 – 91 වකවානුවේ අතුරුදහන්වූවන්ගේ ඥාතීහු තොරතුරු හෙළිකරමින් සිටිති.
අද (10) පෙරවරුවේ, පැලවත්ත් බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධානකාර්යාලයේ පැවති “යක්තිය ඉටුකරනු” මාධ්‍ය හමුවට සහභාගී වූ එම වකවානුවේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් තම අතුරුදහන්වූවගේ ඡායාරූපද මාධ්‍යවෙත ප්‍රදර්ෂණය කරමින් පවසා සිටියේ තම සහෝදරයින්, ඥාතීන් මෙම වකවානුවේ නොයෙක් ආකාරයෙන් හමුදා අත්අඩංගුවට පත්වූ බබවයි.
මෙම සමූහ මිනීවළ හමුවූ මාතලේ රෝහල් භූමියට ආසන්න කඳවුරුවල ඔවුන් රඳවා සිටිබවත් පසුව ඔවුන් අතුරුහදන්වූ බැවින් ඔවුන් ඝාතනයකර හෝ පනපිටින් මෙම සමූහ මිනීවලේ වළලා දමන්ට ඇතැයි තම විශ්වාසය බවත් එම ඥාතීහු පවසති.
වැඩි විස්තර බලා පොරොත්තු වන්න.


Views: 0









