නාඳුනන කාන්තා මළසිරුරු කන්කසන්තුරෙන් හා ගාල්ලෙන් හමුවේ

කන්කසන්තුරය, කෝවිල අසල පොන්කාලේ පොකුණු ඉදිරිපිට මුහුදේ තිබී සහ ගාල්ල, මකුළුව ගඟ අද්දර පාර ඇළෙහි පාවෙමින් තිබියදී නාඳුනන කාන්තා මළ සිරුරු දෙකක් හමුවී තිබේ.

කන්කසන්තුරෙන් හමුවී ඇත්තේ වයස අවුරුදු 80ක් පමණ වන කාන්තාවකගේ මළ සිරුරක් වන අතර ගාල්ලෙන් හමුවී ඇත්තේ වයස අවුරුදු 60ත් 65ත් අතර වයසේ පසුවන කාන්තාකවගේ මළ සිරුරකි.

එක් මෘත දේහයක් යාපනය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනෙක කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Facebook
Twitter
LinkedIn