ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය විසින් පසුගිය 04 වන දින සිට අතිකාල සහ අමතර රාජකාරී ප්රතික්ෂෙපකරමින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයක් ආරම්භ කළ අතර මේ වනවිට එම වෘත්තීය ක්රියාමාර්ගය සාර්ථකව ඉදිරියට යමින් තිබෙව බව එම සංගමයේ සභාපති ඊ.ඞී. සුබද්ර හෙට්ටිආරච්චි මහතා පවසයි. මෙම වෘත්තීය ක්රියාමාර්ගය දිවයින පුරාම ක්රියාත්මක වන අතර මේ වනවිට ජල සැපයුමට බාධා සිදු වී බිඳ වැටීම් සහ ජල සැපයුම් ඇනහිටීම් සිදු වී ඇත.
බලධාරීන් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසි ප්රතිචාර දක්වා නැති අතර වෘත්තීය ක්රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට සිදු කරගෙන යන බවත් ඒ අනුව දිවයින පුරා ජල සැපයුම ඇනහිටීමේ තත්වයන් උද්ගත විය හැකි බවත් ඔහු විසින් දැනුම් දෙන අතර වහාම බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් මේ හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව වගකීම බලධාරීන් භාරගත යුතු බවත් සුබද්ර හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.









