ඖෂධ සංස්ථාවට අවශ්‍ය මුදල් ප්‍රමාණවත් පරිදි මහා භාණ්ඩාගාරය මඟින් නිකුත් නොකිරීම නිසා රට පුරා රෝහල්වල උග්‍ර ඖෂධ හිඟයක් පවතින බව ඖෂධ සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් තහවුරු කෙළේය. මේ හේතුව නිසා අවම වශයෙන් දිනකට රෝගීන් හතළිහකට අධික සංඛ්‍යාවක් මිය යන බව පැවසේ. වාර්ෂිකව අය-වැයෙන් සෞඛ්‍ය සේවය සඳහා රුපියල් බිලියන 125ක් වෙන් කරනු ලබන අතර, එයින් රුපියල් බිලියන 25ක් වෙන් කෙරෙන්නේ ඖෂධ සඳහාය.
එහෙත් වෛද්‍ය සැපැයුම් අංශයේ ඉහළ නිලධාරියකු සඳහන් කෙළේ මේ සඳහා අවම වශයෙන් රුපියල් බිලියන 38ක් අවශ්‍ය බවයි. මෙලෙස රෝහල්වලට අවශ්‍ය ඖෂධ නොලැබීම නිසා රෝගීන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලද දැඩි අපහසුතාවකට පත්ව සිටිති. මේ වනවිට පිළිකා රෝහලේද ප්‍රධාන ඖෂධ වර්ග 17ක හිඟයක් පවතින බව හෙළි වී තිබේ. මීට පෙර මෙවැනි අවස්ථාවලදී ලංකා බැංකුව සහ මහජන බැංකුව ඖෂධ සංස්ථාවට ණයට මුදල් ලබා දුන්නද මේ වනතෙක් මහා භාණ්ඩාගාරය අදාළ බැංකුවලට එවැනි උපදෙසක් ලබා දී නොමැති බවද පැවසේ.









