විමල්ගේ මඩ වෙබ් අඩවියට නඩු දානවා – බොදු බල සේනා

නිවාස ඇමති විමල් වීරවංශගේ අධික්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකට විරුද්ධව නඩු මගට බසින බවට බොදු බල සේනා සංවිධානය පවසයි.

අනුරාධපුර නගරයේ පිහිටි මුස්ලිම් දහම් පාසලක් වැටලීමට බොදු බල සේනාව නැමැති සංවිධනයක් සැරසෙන බවට පොලීසියට තොරතුරු ලැබී ඇතැයි සදහන් ප‍්‍රවෘත්තියක් විමල්ගේ වෙබි අඩවියේ පලවී ඇති බවත් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනි සිටින බව හගවා තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් කි‍්‍රයාකරන මෙවැනි මඩ වෙබි අඩවි කි‍්‍රයාකරවන්නන්ට එරෙහිව නඩුමගට බැසීමට තමන් තීරණය කර ඇති බවත් බොදු බල සේනා සංවිධානයේ නායකයෙකු වන දිලන්ත විතානගේ මිරර් වෙබ් අඩවිය සමග දුරකතන සංවාදයකට එක් වෙමින් පවසා ඇත.

Facebook
Twitter
LinkedIn