හමුදා මේජර්ටත් ගහලා නැතිලු

හිල්ටන් ජයික් රථගාලේදී හමුදා මේජර් චන්දන ප්‍රදීප් සුසේන්ට පහර දුන් බවට හා ඔහුගේ ගිනිඅවිය හා දුරකථනය පැහැරගත් බවට චෝදනා ලබා සිටි මර්වින් සිල්වා ඇමැතිගේ පුත් මාලක, හිටපු ඇමැති මනෝ විජේරත්නගේ පුත් රෙහාන් ඇතුළු 06දෙනෙක් නිදහස් කිරීමට අද(03) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබේ.

පොලීසිය විසින් ගොනු කර තිබූ මෙම නඩුවේ සැකකරුවන්ට එරෙහි චෝදනා නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බව පොලීසිය අධිකරණයට වාර්තා කිරීමෙන් පසු මෙම නිදහස් කිරීම සිදුවිය.

ඊයේ කොටකෙතන ද්වීපුද්ගල ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක්ද නිදහස් කිරීමට නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබිණි.

 

Facebook
Twitter
LinkedIn