උදයන් පුවත්පතට කිලිනොච්චියේදී ප්‍රහාරයක්

යාපනයේ පළ කෙරෙන උදයන් පුවත්පතේ කිලිනොච්චි කාර්යාලයට නාඳුනන පිරිසක් විසින් අද (03) අළුයම පහර දී ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රහාරයෙන් පුවත්පත බෙදාහැරීමට සූදානම් කරමින් සිටි සිව්දෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙක් කිලිනොච්චි රෝහලට ඇතුලත් කරනු ලැබ ඇත. කාර්යාලයේ පරිගණකයකටද පහරදී කඩා බිඳ දමා ඇති බව සඳහන් වේ.

මීට පෙරද අවස්ථා කිහිපයකදී උදයන් පුවත්පත් කාර්යාලයට හා පුවත්පත් බෙදාහැරීමේ නියෝජිතයන්ට පහරදීමේ සිදුවීම් වාර්තා වී තිබූ අතර ඒම සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයින් පොලීසිය විසින් හඳුනාගනු ලැබුවේ නැත.

 

Facebook
Twitter
LinkedIn