
1960දී ප්රජාතන්ත්රවාදී කොංගෝ ජනරජයේ අගමැති 35 හැවිරිදි පැට්රිස් ලුමුම්බා පැහැරගෙන ගොස් මරා දැමීමේ කුමන්ත්‍රණය සූදානම් කළේ බ්‍රිතාන්‍යයේ ඔත්තු සේවය බව බ්‍රිතාන්‍යයේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතයෙකු විසින් හෙළිකර තිබේ.
බ්‍රිතාන්‍ය ඔත්තු සේවය පිළිබඳව ලියැවුණු කෘතියකට ප්‍රතිචාර දක්වමින් කොන්ඩල් ස්වාමිවරයා කියා ඇත්තේ ඔහුගේ මිතුරියක වන ඩැප්නි පාර්ක් 1959-1961 කාලයේ කොංගෝ අගනුවර බ්‍ර්තාන්‍ය තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරිය ලෙස කටයුතු කළ බවය. එවකට එම තනතුරේ ප්‍රායෝගික අදහස වූයේ එරට බ්‍රිතාන්‍ය ඔත්තු සේවයේ ප්‍රධානියා වීම බව සඳහන් කරන කොන්ඩල් ස්වාමිවරයා තමන් සමග ස්වාමි මන්ත්‍රී මණ්ඩලයේද සේවය කළ ඇය සමග කතාබහ කරද්දී ලුමුම්බා ඝාතනය පිළිබඳ මතභේදාත්මක සිදුවීම් විමසූ බව කියයි.
“එය සිදුකළේ අපි. ඒක සංවිධානය කළේ මම” ඇය ඔහුට පිලිතුරු දී තිබේ. එසේ කිරීමට හේතුව ලෙස ඇය සඳහන් කර ඇත්තේ, ලුමුම්බා සෝවියට් දේශය සමග පෙළගැසෙන කොමියුනිස්ට්වාදියෙකු බවට පත්වෙමින් සිටීමය.
බෙල්ජියම් යටත්විජිතයක් වූ කොංගෝව ලුමුම්බාගේ නායකත්වයෙන් දියත් වූ නිදහස් සටනකින් නිදහස ලබාගැනීමෙන් පසු අගමති වූයේ පැට්රිස් ලුමුම්බාය.
බෙල්ජියම දුප්පත්ම රටවල් අතර පැවතියද ලොව ස්වාභාවික සම්පත් අතින් ධනවත්ම රට එය බව සැලකේ. දියමන්ති, කොබෝල්ට්, තඹ ඇතුළු ඛනිජ රැසක් පිහිටි කොංගෝවේ අත නොතැබූ ඛනිජ සම්පත්වල වටිනාකම එ.ජ. ඩොලර් ට්‍රිලියන 24ක් බවට ඇස්තමේන්තු ගත කර ඇත.









