විමල්ගේ ගෝලයා පාර්ලිමේන්තු භාෂා පරිවර්තකට වැඳ සමාව ඉල්ලයි

පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකවරයෙකු ලෙස කටයුතු කරන ආනන්ද කරුණාරත්න මහතාට පහරදීමට අදාළව පැවති නඩුවේ චූදිතයා වූ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ජගත් ප්‍රියන්කර මහතා, ආනන්ද මහතාට වැඳ සමාව ගැනීමටත් ආනන්ද මහතා එයට එකඟවීමටත් කැමති බව ප්‍රකාශ කිරීම නිසා එම නඩුව අවසන් කිරීමට මාරවිල අතිරේක දිසා විනිසුරුවරයා අද (02) තීරණය ක‍ළේය.

ඒ අදාළ මන්ත්‍රීවරයා මාරවිල විවෘත අධිකරණයේදී පහරකෑමට ලක්වූ අදාළ භාෂා පරිවර්තකවරයාට වැඳ සමාගෙන තිබේ.

එම මන්ත්‍රීවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි වෙන්නප්පුව ප්‍රාදේශීස සභාවේ සන්ධානය නියෝජනය කළ ජාතික නිදහස්පෙරමුණේ මන්ත්‍රීවරයාය. ඔහු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඉතා සමීපතමයෙකු බවත් පැවසේ.

ආශ්‍රිත පුවත්

විමල්ගේ ගෝලයා පාර්ලිමේන්තු භාෂා පරිවර්තකටත් පහරදෙයි

Facebook
Twitter
LinkedIn