ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් තම ජෙට් යානා වෙනුවෙන් ලබාගත් ඉන්ධනවලට ගෙවීම් නොකිරීම නිසා තවදුරටත් ඉන්ධන ලබාගැනීමට නොහැකිවීමේ අර්බුදයකට මුහුණ පා සිටියි.
ඛනිජ තෙල් සංස්ථාව විසින් හිඟ ණය පියවන තුරු ණයට තෙල් නොදීමේ පිළිවෙතකට යමින් සිටින අතර මේ වන විට ශ්‍රී ලංකන් සමාගම විසින් තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 30කට අධික වී ඇත.
විදුලි බල මණ්ඩලයේ කෙරවලපිටිය බලාගාරය සඳහාද තවදුරටත් ණයට තෙල් ලබා නොදෙන බව තෙල් සංස්ථාව පසුගියදා ප්‍රකාශ කර තිබිණි. විදුලි බල මණ්ඩලයේ ණය ප්‍රමාණය බිලියන 9කි.
තෙල් සංස්ථාව විසින් ලංකා බැංකුවෙන් ලබා ගෙන නොපියවා ඇති ණය රුපියල් බිලියන 100ක් වන අතර ඒ හේතුවෙන් තවදුරටත් ඛනිජ තෙල් ආනයනය සඳහා තෙල් සංස්ථාව වෙනුවෙන් ණයවර (LC) විවෘත කිරීම ලංකා බැංකුව විසින් ප්‍රතික්ෂේප කොට ඇති බව සඳහන්ය.
ත්‍රිවිධ හමුදාව, පොලීසිය, දුම්රිය දෙපාර්තමේන්තුව, ගමනාගමන මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවේ සෙසු ප්‍රධාන ණයගැතියන්ය.
ශ්‍රී ලංකන් ගුවන් යානාවක් ආණ්ඩුවට සම්බන්ධ ඉහළ පෙළේ නිලධාරියෙකුට බලු පැටවෙකු ගෙන එම සඳහා ගුවන් මගීන් අතරමංකොට වෙනත් ගමනාන්තයකට ගිය පුවතක්ද පසුගියදා මාධ්‍ය විසින් වාර්තා කොට තිබිණි.









