අවුරුද්දට බොන්නේ බලාගෙනයි

මත් රියදුරන් ඇල්ලීම සඳහා බීමත් කම පරීක්ෂා කිරීමට යොදාගන්නා බැලූන් 40,000ක් පොලීසියට ආනයනය කර තිබේ. මේ සමග බීමත් රියදුරන් පරීක්ෂා කිරීමට යොදාගන්නා බැලූන්වල තිබූ දැඩි හිගය පහය යන බවද වාර්තා වේ.

බීමත් රියදුරන් 35,000ක් පමණ වසරකට පොලිසීයට කොටුවන බවත් මේ අතර වාර්තා වේ. අවුරුදු සමයේ බීමත්ව රියපැදවීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් අනතුරු වලක්වා ගැනීම වෙනුවෙන් මෙම පිළිවෙත දැඩිව ක්‍රියාවට නගන බවත් පොලීසිය පවසයි.

Facebook
Twitter
LinkedIn