එකඟතා කැඩුවොත් වර්ජනයකට යනවා – ගැමුණු කියයි

එකඟ වූ පරිදි බස්‌ ගාස්‌තු වැඩි කිරීම සිදු නොකිරීමට විරුද්ධව ඉදිරි දින කිහිපය තුළ දීපව්‍යාප්ත බස්‌ රථ වර්ජනයක නිරත වීමට ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය තීරණය කර ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

එමෙන්ම මෙම වසර අවසානයට පෙර පෞද්ගලික බස්‌රථවල වර්ණ ආලේප කිරීමට රජය ගෙන ඇති තීරණයටද විරුද්ධ වීමට එම සංගමයේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය තීරණය කර තිබේ.

පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිසම සහ බස්‌ සමාගම් එක්‌ව ඉකුත් පෙරබරවාරි 18 වැනිදා සාකච්ඡා කර වාර්ෂික බස්‌ ගාස්‌තුව ප්‍රකාශයට පත්කිරීමට තීරණය කළ බවත් විඡේරත්න මහතා පවසයි. එම තීරණය නොතකා කටයුතු කිරීමට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම පවසා සිටී.

Facebook
Twitter
LinkedIn