පියාට තැබූ වෙඩිල්ල දුවට වැදිලා

තේ වතු ව්‍යාපාරිකයෙකු විසින් අලුතින් ගනුලැබූ වෑන් රථයේ රියදුරා ලෙස තමාව බඳවා නොගත්තේ යැයි උරණව සිටි අකුරැස්සේ මලිදුව රියදුරකු එම ව්‍යාපාරිකයාට තැබූ වෙඩිල්ලක් ඔහුගේ පහළොස් හැවිරිදි දියණියට වැදී තිබේ.

පාසල් සිසුවියක වන දැරිය මාතර රෝහලට ඇතුළු කර ඇත.

වෙඩිතැබීම සඳහා භාවිතාකළ බෝර 12 තුවක්කුවක් සමග රියදුරා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn