ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා විසින් මාලබේ වෛද්‍ය උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදීම මගින් එම විශ්ව විද්‍යාලයට නෛතික තත්වයක් ලබා දීම සිදුකරන බවත් ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපයට දැඩි විරෝධය පලකරන බවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී සංවිධානය පවසා සිටී. එම සංවිධානයේ කැඳවුම්කරු වෛද්‍ය ඉඳුනිල් විජේනායක මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් මේ පිළිබඳව පවසා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
“2013 මාර්තු 28 දින ශ්‍රී ලංකාවේ අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා අංශයෙන් සමත්වූ නමුත් වෛද්‍ය විද්‍යාව හැදීරීමට අවස්ථාව හිමි නොවුනු සිසුන් 10 දෙනෙකුට මාලඹේ පෞද්ගලික වෛද්‍ය උපාධි කඩයට ඇතුලත් වීම සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 70 බැගින් වන මුදල් පිරිනමා තිබේ.
මාලඹේ පෞද්ගලික උපාධි කඩය යනු ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නොපිළිගත් හා රාජ්‍ය ආයතන රැසකට වංචා කරමින් පවත්වාගෙන යනු ලබන නීති විරෝධී වංචනික ආයතනයකි. ඒ බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත්කල පංච පුද්ගල කමිටුව විසින් පවා පිළිගැනිනි. එවැනි නීති විරෝධී ආයතනයක් නීතිගත කිරීමට රටේ පාලකයා උත්සාහ කිරීම අතිශයින්ම පිලිකුල් සහගත කටයුත්තකි. වසරින් වසර අධ්‍යාපනයට වෙන්කරන ලද මුදල් කපා දමමින් පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට වරදාන හා වරප්‍රසාද ලබාදෙමින් උසස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය රාජපක්ෂ ලැම්බෝගිණි පන්තියට සීමා කිරීමේ ජනපතිගේ ක්‍රියාමාර්ග දැඩි ලෙස හෙලා දකින අපි මේ මොහොතේදී සීග්‍රයෙන් අහිමිවෙමින් පවතින නිදහස් අධ්‍යාපන අයිතිය රැකගැනීමට පෙරට ඒම ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගේම තීරණාත්මක කර්යභාරයක් ලෙස සලකන්නෙමු.
2011 වසරේ උසස්පෙළ විභාගයට පෙනී සිටි සමස්ත සිසුන්ගෙන් සාමාන්‍යයෙන් බඳවා ගන්නා ප්‍රමාණයට වඩා සිසුන් 5,603 ක් සරසවි වලට බඳවා ගන්නා ලෙස අධිකරණ තීන්දුවක් දී තිබියදී පවා බඳවා ගත් සිසුන් සංඛ්‍යාව පසුගිය වර්ෂයටත් වඩා අඩු බවට වාර්තා වී තිබේ.
රටේ පාලකයා විසින් කළ යුත්තේ සියලු දෙනාගේම අධ්‍යාපන අයිතිය පුළුල් කිරීමට කටයුතු කිරීම විනා එය සීමා කිරීම නොවෙයි. මාලඹේ වෛද්‍ය උපාධි කඩයට එරෙහිවූ වෛද්‍යවරුන්ට හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එල්ල වූ පහරදීම් හා තර්ජනයන් පිටුපස සැඟවුනු හස්තය කුමක්දැයි දැන් ජනතාවට පැහැදිලි වනු ඇත. රාජපක්ෂ ආණ්ඩුවේ මෙවැනි ක්‍රියාමාර්ගයන්ට එරෙහිව පුළුල් ජනබලයක් ගොඩනැගීමට කාලය එලඹ ඇත. ඒ සඳහා ඒකරාශී වන මෙන් සමස්ත ශ්‍රී ලාංකීයන්ගෙන් ආයාචනය කර සිටිමු.”









