උසස්පෙළ ප්‍රතිඵල විකෘති කිරීම සම්බන්ධ වගකීමෙන් මගහැර යාමට බොරු ජනාධිපති කොමිෂන් පත් නොකර ප්‍රශ්ණය විසදීම සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විද්වත් කමිටුවක් පත්කර උත්තර පත්‍ර පරීක්ෂා කිරීම හැර ඉතිරි පියවර හතර සහ සමස්ත ප්‍රතිඵල නැවත සම්ක්ෂණයට ලක්කර විශ්වසනීය ප්‍රතිඵලයක් නිකුත්කරන ලෙසද ආණ්ඩුවට බලකරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද සවස පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කලේය.
එහිදී වැඩි දුරටත් ඔහු දැක්වූ අදහස් පහත දැක්වේ.
අධ්‍යාපනයට වගකිව යුතු ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු පළාත් ඇමතිවරු වශයෙන් 12 දෙනෙක් සිටියදී උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විකෘති කිරීම පිළිබදව සොයාබැලීමට බොරු ජනාධිපති කොමිසන් පත්කිරීමෙන් වැඩක් නෑ. මේවා ප්‍රශ්නය මගඅරින්න පත්කරන බොරු කමිටු විතරයි. ප්‍රශ්නය කුමක්ද යන්න දැන් ඉතා පැහැදිලියි. එනිසා අපි ආණ්ඩුවට බලකරන්නේ ලබාදී ඇති සියළු ප්‍රතිඵල අත්හිටුවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විද්වත් කමිටුවක අධීකෂණය යටතේ ප්‍රතිඵල නැවත සමාලෝචනය කර ඉදිරිපත් කරන්න කියලයි. එයට යම් සාධාරණ කාලයක් ගත වන බව ඇත්ත. නමුත් මේ ප්‍රශ්නය බලපා තිඛෙන පවුල් ලකෂ 03කට ආසන්න පිරිසක් වෙත පවතින වියවුල් සහගත තත්වය නිවැරදි කළ යුතුයි. උසස් පෙළ ප්‍රතිඵල සමීකෂණය කළ ගුරුවරුන් ඔවුන්ගේ කාර්යය ඉතා සාර්ථකව අවසන් කර තිඛෙනවා. නමුත් ඉන් අනතුරුව ලකුණු පරිගණක ගත කිරීම Z ස්කෝර් අගය තීරණය කිරීම ජාතික සහ දිස්ති්‍රක් කුසලතා තීරණය කිරීම ආදී සියල්ල බරපතල ගැටළු සහගත තත්වයක පවතින්නේ. මේ තත්වය මගහරවා ගැනීමට පළමු අදියර හැර ඉදිරි අදියර 04 පිළිබඳව නැවත සමීකෂණය කිරීමේ වගකීම පෙර කී විද්වත් කමිටුවට පත්කළ යුතුයි. එයින් නිවැරදි කරන ප්‍රතිඵල අනුව ඉදිරි කි්‍රයාමාර්ග ගැනීම සඳහා විභාග අපේකෂකයන්ගේ විශ්වාසය තහවුරු කළ හැකියි.
මෙවැනි ප්‍රායෝගික කි්‍රයාමාර්ගයක් නොගෙන නිදහස් අධ්‍යාපනය පෞද්ගලික අංශයට විකුණා දැමීම සඳහා ආණ්ඩුව ගෙන යන උපක්‍රවල එක පියවරක් හැටියට උසස්පෙළ ප්‍රතිඵල පිළිබඳව විශ්වාසය බිද දැමීමට අප කිසිසේතම ඉඩ දෙන්නේ නෑ. මේ වනවිට ආණ්ඩුව කි්‍රයාකරමින් සිටින්නේ අරාජික ස්වරූපයෙන්. බාල ඖෂධ බාල පෙට්‍රල්, බාල සිමෙන්ති ආදි වශයෙන් පැමිණ බාල ඇමතිවරුන්ගෙන් සමන්විත බාල ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්වී තිඛෙනවා. ඒ කුමක් වුවත් බාල විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් වගකීමෙන් මිදෙන්න ආණ්ඩුවට බෑ.









