බංගලාදේශ මහ මැතිවරණ ජය, පාලක අවාමි ලීගයට

බංගලාදේශ මහ මැතිවරණ ජය, පාලක අවාමි ලීගයට

බංගලාදේශ මහ මැතිවරණයෙන් එරට අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාගේ පක්ෂය නැවත ජයග්‍රහණය කර තිබේ.

තෙවැනි වරටත් බංගලාදේශ පාලනය හිමිකරගෙන ඇත්තේ අවාමි ලීගයයි. ඒ සමස්ථ ආසන 350න් 281ක බලය තහවුරු කර ගනිමිනි.

කෙසේ වෙතත් බංගලාදේශයේ ප්‍රධාන විපක්ෂය සඳහන් කරන්නේ මැතිවරණය දූෂිත බවයි. එබැවින් නැවත මැතිවරණය පැවැත්විය යුතු බවට ඔවුන් සඳහන් කරයි. බංගලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන බංගලාදේශ ජාතික පක්ෂයේ නායක බෙගම් ඛලීඩා සිරගතව සිටියි.

මැතිවරණයට පෙර සිටම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් බංගලාදේශය තුළ උනුසුම් වටපිටාවක් ගොඩනැගී තිබුණ අතර ඉන් ජීවිත හානිද සිදුව ඇතිබව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම මැතිවරණ ජයග්‍රහණය සමඟ බංගලාදේශයේ දීර්ඝතම  කාලයක් පාලන බලය හෙබවූ රාජ්‍ය නායිකාව ලෙස ශෙයික් හසීනා වාර්තා ගතවන අතර එම කාලය වසර 17කි.

Facebook
Twitter
LinkedIn