සිරියාවේ ඩමස්කස් අගනුවර හමුදා කඳවුරු ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායෙලය සිදුකළ ගුවන් ප්‍රහාර සම්බන්ධව ජගත් සංවිධානයේ ආරක්ෂක කමිටුව වෙත පැමිණිලි ඉදිරිපත්ව තිබේ.
සිරියාව පැමිණිලි ඉදිරිපත් කරමින් චෝදනා කර සිටින්නේ මෙම ප්‍රහාර මගින් සිරියානු අර්බුධය තවදුරටත් ව්‍යාකූල තත්වයට පත්කරන බවයි.
ඩමස්කස් අගනුවර සමීපයේ හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් නත්තල් දිනයේදී මෙම ප්‍රහාර සිදුකර තිබූ අතර එයට සිවිල් වාසස්ථාන ද ගොදුරුව තිබේ.
ප්‍රහාරය සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් සිරියානු විදෙස් කටයුතු අමාත්‍යාංශය පවසා සිටියේ එම ප්‍රහාර සඳහා ඊශ්‍රායෙලය වගකිව යුතු බවයි. මෙවැනි ප්‍රහාර සහ ත්‍රස්ථවාදී ක්‍රියාකාරකම් අතර වෙනසක් නොමැති බව සිරියානු විදෙස් කටයුතු අමාත්‍යාංශය ඊශ්‍රායෙලය වෙත සෘජුව චෝදනාකර සිටියි.
කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම මේ වනවිට ඊශ්‍රායෙලය භාරගෙන ඇති නමුත් එම ප්‍රහාරවලට සිවිල් වැසියන් ගොදුරු වූ බව ඔවුන් ප්‍රතික්ෂේප කරයි. ප්‍රහාර සදහා සුවිශේෂී ඉලක්ක තෝරාගත් බවත්, ඉරානය විසින් හිස්බුල්ලා ගරිල්ලන් වෙත අලෙවිකරන ආයුධ ගබඩාවක් ඒ අතරට අයත් බව ඊශ්‍රායල බලධාරීන් මෙහිදී තහවුරු කළ බව විදෙස් වාර්තාවල දැක්වේ.










