සමාන්‍ය ක්‍රමවේදය අනුව අද (27) මධ්‍යම රාත්‍රිය පසුවී හෙට (28) අළුයම වන විට උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත වුවද මෙවර එම ප්‍රතිඵල නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් සිදුවනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි
සෑම වසරකම උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිශ්චිත දිනයකදී නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය 2017 වසරේ දී උපදෙස් දී තිබිණි. ඒ අනුව උසස් පෙල ප්‍රතිඵල දෙසැම්බර් 28 වැනි දාත්, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 වැනි දාත්, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර 05 වැනි දාත් ලබා දිය යුතුව තිබේ.
එම නිසා අද මධ්‍යම රාත්‍රී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වනු ඇතැයි පසුගිය අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් අපේක්ෂකයෝ බලාපොරොත්තුවෙන් සිටියහ.
කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රී පසුවී හෙට අලුයම වනවිට උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වන බවත් අඩුම තරමින් තවත් දින දෙකක් හෝ ගතවනු ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
ලංකාදීප









