ලතින් ඇමරිකාවේ වමේ නායකයින්ට එරෙහිව එක්සත් ජනපදය පිළිකා ප්‍රහාරයක් දියත් කර ඇත්දැයි වෙනිසියුලානු ජනාධිපති හියුගේ චාවේස් ප්‍රශ්නකර තිබේ.
හමුදා සෙබළුන් අමතමින් චාවේස් සිදු කළ කතාවකදී ඔහු මෙම සැකය එකතුකර මතුකර ඇත. පිළිකා ඇතිකරලීමේ රහසිගත තාක්ෂණයක් ඇමරිකා එක්සත් ජනපදය සොයාගෙන ඇත්දැයි සැක මතුවන බව ඔහු ප්‍රකාශකර ඇත්තේ ඔහුද පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටින තත්වක් තුළය. මේ වන විට ආර්ජන්ටිනාවේ ජනාධිපතිනි ක්‍රිස්ටිනා ෆර්ඩිනැන්ඩස්, බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා, වත්මන් ජනාධිපතිනී හිල්මා රවුසෙෆ් හා පැගුවේ ආර්නැන්ඩෝ ලූගෝ පිළිකා රෝගය සදහා ප්‍රතිකාර ලබති. සම්භාවිතාව අනුව මෙසේ පිළිකා වැළදීමේ ස්වභාවය තේරුම්ගත නොහැකි බව පවසන චාවේස් ඇමරිකාව එවැනි සොයාගැනීමක් කර ඇත්දැයි ගැඹුරින් සොයාබැලිය යුතු බව කියා සිටී.
1940 ගණන් වලදී ඇමරිකාණු විද්‍යාඥයින් ගෝතමාලානු සිරකරුවන්ට සිපිලීස් සහ තවත් රෝග වලට ගොදුරුවීමට සැලැස්වූ බව කියා සිටින චාවේස් ඒ බව හෙළිදරව් වූයේ පසුගිය වසරේදී බවද පෙන්වා දෙයි. බොලීවියාවේ ඉවෝ මොරාලෙස් සහ ඉක්වදෝරයේ රෆායල් කොරෙයා වඩාත් සුක්ෂිතව රැකබලාගත යුතු බවද ඔහු කීය.









