එජාප සන්ධානයට අපි යන්නේ නැහැ

එජාප සන්ධානයට අපි යන්නේ නැහැ

ඉදිරි මැතිවරණ අපේක්ෂාවෙන් එක්සත් ජාතික පෙරමුණ විසින් ගොඩනැගිමට නියමිත නව සන්ධානය සඳහා තම පක්ෂය සහය ලබා නොදෙන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.

ඔහු පවසන්නේ තම පක්ෂය ආණ්ඩුවට සහය දැක්යූයේ වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් නොවන පසුගිය කාලයේ රට තුළ ඇති වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය හේතුවෙන් රට දේශාපලන අර්බුදයකට යමින් තිබූ බැවින් එම අර්බුදයෙන් රට බේරා ගැනීමට බවයි.

නව සම සමාජ පක්ෂයේ සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස එක්වෙමින් එම්.ඒ සුමන්තිරන් මහතා මේ බව පැවසීය.

Facebook
Twitter
LinkedIn