ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කිසිදු රැස්වීමකට තමන් සහභාගී නොවී ඒවා වර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පෙරවරුවේ පැවති එක්‌සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීමටද තමන් සහභාගි නොවූ බව කුමාර වෙල්ගම මහතා අවධාරණය කරයි.
මින් ඉදිරියේදීද ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන කිසිදු රැස්‌වීමකට සහභාගි නොවී ඒවා වර්ජනය කරන බව පවසන මන්ත්‍රීවරයා එහෙත් තවදුරටත් එජනිසයේ රැඳෙමින් විපක්‍ෂයේ අසුන්ගන්නා බව ද කියා සිටියි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවෙන් තමා ඉවත් කළ පසුව ජනාධිපතිවරයා සමඟ කිසිදු රැස්‌වීමකට තමා සහභාගි නොවූ බවද කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
6









