විරෝධතා මධ්‍යයේ ජෝර්ජියාවේ පළමු ජනාධිපතිනිය දිවුරුම් දී තිබේ.
66 හැවිරිදි සලෝමේ සුරාබිෂ්විලි පසුගිය දා(17) ජෝර්ජියාවේ ජනාධිපතිවරිය ලෙස දිවුරුම් දුන් අතර එම අවස්ථාවේ රට පුරා දැවැන්ත විරෝධතා සංවිධානයවී තිබිණි.
පසුගිය මාසයේ පැවති මැතිවරණ ප්‍රතිඵල අනුව සලෝමේ සුරාබිෂ්විලි 59%ක ඡන්ද ප්‍රතිඵලයක් ලබා තිබූ අතර එම ප්‍රතිඵලය අත්කරගෙන ඇත්තේ වංචා සහගතව බව විරෝධතාකරුවෝ පවසති.
අන්තර්ජාතික මැතිවරණ නිරීක්ෂකයන් පවසන පරිදි මැතිවරණ කටයුතු සඳහා පරිපාලන සම්පත් යොදාගෙන තිබී ඇති අතර එහෙයින් සාධාරණ මැතිවරණයක් පැවැත්වූ බවට ඔවුහු නොපිලිගනිති.
කෙසේ වෙතත් සුරාබිෂ්විලි, ටෙලව් නගරයේ 18 වැනි ශතවර්ශයට අයත් මන්දිරයක දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ දිවුරුම් දීම සිදුවිය.
ඉදිරියේදී ජෝර්ජියාව වෙත පැමිණෙන නව ව්‍යවස්ථාව අනුව එරට ජනපති ධුරය බොහෝ සෙයින් නාමමාත්‍රික තත්ත්වයකට පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියා බලපෑම්වලට එරෙහිව බටහිර රටවල් සමඟ ශක්තිමත් සබඳතා පවත්වා ගැනීම අගේ ප්‍රධාන කටයුත්තක් වනු ඇති අතර ජනපති ලෙස පත්වීමෙන් පසුව ඇය පවසා තිබුණේ නේටෝ සංවිධානය සහ යුරෝපය සමඟ ශක්තිමත් සබඳතාවක් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි.
මේ අතර ආරාධිතයින් ලෙස මෙම උත්සවයේදී ආර්මේනියා ජනාධිපති සහ ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිගේ සහභාගීත්වය කැපී පෙනුණි










