දකුණේ පාතාලයට ආයුධ සැපයූ කැලුම් මෛත්‍රීගේ ගෝලයෙක්

දකුණේ පාතාලයට ආයුධ සැපයූ කැලුම් මෛත්‍රීගේ ගෝලයෙක්

ගම්පහ මූලස්ථාන පොලිස් නිලධාරීන් විසින් ස්පාඤ්ඤයේ නිෂ්පාදිත පිස්තෝලයක් ඇතුළු අවි ආයුධ කිහිපයක් සමඟ පසුගිය 16වනදා අත්අඩංගුවට ගත් කැලුම් ක්‍රිශාන්ත නැමැත්තා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතම්මන කොට්ඨාසයේ සංවිධායකයා බවත් ඔහු එම කොට්ඨාසය නියෝජනය කරමින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලනිපයේ අත ලකුණ යටතේ තරඟ කළ අපේක්ෂකයා බවත් මේ වනවිට වාර්තා වේ.

පවුල් ආරව්ලක් මත ඔහු සිය බිරිඳට සහ දරුවන්ට පසුගියදා ඉතාමත් අමාණුෂික ලෙස පහරදී තිබේ. ඉන් පසු ඔහුගේ බිරිඳ විසින් මිනුවන්ගොඩ පොලිස්ථානයට නොගොස් ගම්පහ මූලස්ථාන පොලිස්ථානය වෙත ගොස් මොහුට එරෙහිව පැමිණිල්ලක් කර තිබේ.

අප වෙත වාර්තාවන අන්දමට මිනුවන්ගොඩ පොලිස්ථානය වෙත පැමිණිලි කිරීමට ඇය කටයුතු කර නැත්තේ මොහුට ඇති දේශපාලන බලය මත  ඉහළ ප්‍රභූන් මාර්ගයෙන් එම පැමිණිලි යට ගැසීමට කටයුතු කරන බැවිනි.

එහෙත් ඇය ගම්පහ මූලස්ථාන පොලිස්ථානය වෙත ගොස් පැමිණිල්ල සිදු කරමින් මොහුට ඇති පාතාල සම්බන්ධතා ගැනද හෙළිදරව් කර ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලිසිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු සහ ඔහුගේ ගෝලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන බේ.

අදාල ගිනි අවි ඇතුළු ආයුධ කිහිපයද එම නිවසේම සඟවා තිබියදී සොයාගෙන ඇත.

වැඩිදුරටත් වාර්තාවන අන්දමට මෙම කැලුම් ක්‍රිශාන්ත හමුදා සේවයේ යෙදී සිටි අයෙකු වන අතර ඔහු රුවන් රණතුංග මහතාගේ සමීපතමයෙකු බවද පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්