“තවත් ජනාධිපතියෙක් එපා” – සිවිල් සංවිධාන කියයි

“තවත් ජනාධිපතියෙක් එපා” – සිවිල් සංවිධාන කියයි

“තවත් ජනාධිපතියෙක් එපා” යන මැයෙන් සිවිල් සංවිධාන රැසක් එකතුව හෙට(19) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේ විරෝධතාවක් සංවිධානය කර තිබේ.

ජන අණසක, සමාජ සාධාරණත්වය උදෙසා මහජන ව්‍යාපාරය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනල්ලු, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය, අලුත් පරපුර, ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, අලුත් පියාපත්, යුක්තිය හා ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මහජන ව්‍යාපාරය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, සමාජ සාධාරණත්වය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු සංවිධාන ගණනාවක් විරෝධතාව සංවිධානය කර ඇත.

විධායක ජනාධිපති ධූරය අහෝසිකිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් වෙනුවෙන් විරෝධතාවය සංවිධානය කර ඇති අතර ඒ සඳහා එක්වන්නැයි සිවිල් සමාජ ක්‍රියාකාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Facebook
Twitter
LinkedIn