රැප් සංගීතයට පුටීන්ගෙන් වාරණයක් එන ලකුණු!

රැප් සංගීතයට පුටීන්ගෙන් වාරණයක් එන ලකුණු!

රුසියාවේ රැප් සංගීතය පාලනය කිරීමට එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා තීරණය කර විදෙස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

එය ඉතා අපහසු කාර්යයක් වුවත් එය පාලනය කිරීම සඳහා සිය රජය කටයුතු කරනු ඇතැයිද ඔහු සඳහන් කර ඇතැයි එම වාර්තාවල දක්වා තිබේ.

මේ සම්බන්ධව කටයතු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එරට සංස්කෘතික අමාත්‍යංශයටද දැනුම් දී ඇති බවත් මෙම රැප් සංගීතය තුළින් තරුණ පරම්පරාව වැඩි වශයෙන් මත් ද්‍රව්‍යට ඇබ්බැහි කරවීම, ලිංගිකත්වයට පෙළඹවීම, එහි භාවිත වන අසභ්‍ය වචන ප්‍රචණ්ඩකාරී මානසිකත්වයකට පෙළඹවීමක් ඇති කරනු බව පුටින් පවසා ඇතැයිද එම මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය දිනෙක රුසියානු රැප් ගායකයකු වන හුස්කිගේ ප්‍රසංගයක් වළැක්වීම නිලධාරීන් කටයුතු කිරීමෙන් පසු එහිදී ඇති වු ගැටමකින් පසු හුස්කි පොලිස් අත්අඩංගුවට පත්විය. ඔහුට දින 12ක කාලයක් සිරගතවී සිටීමට ද සිදු විය.

ඒ හේතුවෙන් ඔහුගේ ප්‍රසංග ගණනාවක් අවලංගු කිරිමට සිදු බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

Facebook
Twitter
LinkedIn