කුමන්ත්‍රණ කරුවන් පරාදයි – EDCS අධ්‍යක්ෂ මණ්ඩලයට ජය

කුමන්ත්‍රණ කරුවන් පරාදයි – EDCS අධ්‍යක්ෂ මණ්ඩලයට ජය

පැවති මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ හිතවාදී ගුරුවරු, අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු සිව්දෙනෙකු යොදවා ලංකා ගුරුසේවා සංගමයේ “අපේ කණ්ඩායම” බලය හොබවන දකුණු ආසියාවේ විශාලතම ණය දෙන සමූපකාර සමිතිය වන අධ්‍යාපන සේවකයින්ගේ සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අධිකරණයට ව්‍යජ තොරතුරු ඉදිරිපත් කරමින් ලබා දෙන තිබූ වාරණය ඉවත් කිරීමට කොළඹ දිසා අධිකරණය අද (13) නියෝග කර තිබේ.

අධ්‍යාපන සේවකයින්ගේ සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු පසුගිය ඔක්තොම්බර් 12 වැනිදා සිට අත්හිටුවූ අතර මේ හේතුවෙන් දීපව්‍යාප්තව පිහිටා ඇති එහි දිස්ත්‍රික් කාර්යාල 21ක සාමාජිකයින් එක්ලක්ෂ අනූපන්දහසකගේ (195,000) සාමාජික සේවාවන් සම්පූර්ණයෙන් ඇනහිටිනි.

කෙසේ නමුත් අද දිනයේ නැවත විභාගයට ගත් මෙම පැමිණිල්ල අධ්‍යක්‍ෂක මණ්ඩලයට සිදු කළ වාරණය ඉවත් කළ බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.

Facebook
Twitter
LinkedIn